|
බලාගෙනයි! වර්ග කිලෝමීටර් 2400 ක, තවමත් බිම් බෝම්බ |
|
|
|
|
Friday, 30 July 2010 17:49 |
|
 බිම් බෝම්බ ඉවත් කිරීම අධ්‍යනයට, චීන කණ්ඩායමක්
උතුරු-නැගෙනහිර වර්ග කිලෝමීටර් 2400 ක පමණ ප්‍රදේශයක තවමත් බිම්බෝම්බ වළලා තිබෙන බවත් මේ වනවිට, වර්ග කිලෝමීටර් 1500 ක පමණ ප්‍රදේශයක බිම් බෝම්බ සම්පූර්ණයෙන් ඉවත් කර ඇති බවත් රජය කියයි.
බිම් බෝම්බ ඉවත් කිරීමේ ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ, මොන්ටි රණතුංග මේ බව සඳහන් කරන අතර මෙම ප්‍රදේශවල වලදමා තිබෙන බිම් බෝම්බ ඉවත් කිරීම සාර්ථක කර ගැනීම සඳහා අධ්‍යනයක් කිරීමට මේ වනවිට චීනයේ ආරක්ෂක හමුදා නිළධාරීන් හා විශේෂඥයින් කණ්ඩායමක් මෙරටට පැමිණ ඇති බවද කියයි.
මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා මේ වනවිටත් ජාතික බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යංශයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.
|
Comments
No Comments, be the first to Comment
Add new Comment