Register for the
Daily e-news Update
ජූලියේ උද්ධමනය 4.3% ට බහී PDF Print E-mail
Friday, 30 July 2010 16:34

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ගෙවුණු ජූලි මාසයේ උද්ධමනය පසුගිය ජුනි මාසයට වඩා අඩුවෙමින් සියයට 4.3 ක් වී තිබේ.

පසුගිය ජුනි මාසයේදී උද්ධමනය සියයට 4.8 ක් වූ අතර උද්ධමනය මාස පහක් අඛණ්ඩව මේ වනවිට පහළ ගොස් තිබුණත් මේ ජූලිවල උද්ධමනය පසුගිය වසරේ එම මාසයේ උද්ධමනය සමග සැසඳීමේදී ඉහළ ගොස් තිබේ.

පසුගිය කාලයේදී මෙරට උද්ධමනය සියයට 28.2 ක් දක්වා විශාල ලෙස ඉහළ යද්දී ශ්‍රී ලංකා මහ බැංකුව සිය මූල්‍ය ප්‍රතිපත්තිය දැඩිකළ අතර ඒ හමුවේ උද්ධමනය සියයට එකකටත් වඩා අඩු අගයක් දක්වා පහළ ගියේය.

නමුත්, පසුව මහ බැංකුව සිය මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කිරීම නිසා උද්ධමනය සාමාන්‍ය ලෙස ඉහළ නැගුණි.

 
Bookmark and Share

Comments

No Comments, be the first to Comment

Add new Comment

 
 
 
 
 
 
 
 
 
 
 
About us Advertisement Contact us
© vimasuma.com All Right Reserved