|
රජය, තවදුරටත් බදු අඩුකරනවා - අමුණුගම |
|
|
|
|
Friday, 30 July 2010 13:01 |
|
Sri Lanka to lean on banks to lend, cut taxes: official
තවදුරටත් බදු අඩුකර පුද්ගලික අංශයට වැඩිපුර ණය ලබාදීමට වාණිජ බැංකු යොමුකිරීමට රජය අදහස් කර ඇතිබව නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා කියයි.
නියෝජ්‍ය මුදල් අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම සඳහන් කරන්නේ, මේ වනවිට මෙරට කෘෂි කාර්මික හා සේවා අංශය වේගයෙන් වර්ධනය වෙමින් පවතින නමුත් ලෝක ආර්ථික අර්බුදයෙන් බැටකෑ මෙරට අපනයන සැකසුම් කර්මාන්ත වලට තවදුරටත් අවධානය යොමුකළ යුතුව තිබෙන බවයි.
“ඉදිරි වසර වලදී අපි කර්මාන්ත අංශය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා.”
යනුවෙන් සරත් අමුණුගම අමාත්‍යවරයා පැවසුවේ කොළඹදී පැවති අපනයන කරුවන්ගේ සංගමයේ වාර්ෂික සමුළුව අමතමිනි.
දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියකට රජය මේ වනවිටත් අවතීර්ණ වී තිබෙන බවත් ඉදිරියේදී විදුලිය මිල ගණන් අඩුකිරීමට සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යවරයා කීය.
ලබන නොවැම්බර් මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින් සමාගම් බදු හා ආදායම් බදු අඩුකරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
|
Comments
No Comments, be the first to Comment
Add new Comment