Register for the
Daily e-news Update
උඩ පනින අපේ මංජුල දිල්ලි පොළොවත් හොල්ලයි PDF Print E-mail
Friday, 30 July 2010 08:53

ඊයේ ඉන්දියාවේ නව දිල්ලි නුවරදී ආරම්භ වුණු Asian All-Star මළල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ මංජුල කුමාර උස පැනීමේ තරඟ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තේය.

ඊයේ පැවැති එම තරඟ ඉසව්වේදී ඔහු වාර්තා කළේ, මීටර 2.21 ක්ය.

මේ අතර, අදාළ ඉසව්ව සඳහා මීට පෙර වාර්තා ලබා සිටි Hari Shankar Royට හිමි වූයේ ‍ලෝකඩ පදක්කම වන අතර රිදී පදක්කම හිමි කර ගන්නා ලද්දේ, කසකස්තානයේ Vitaly Tsykunov ය.

Asian All-Star මළල ක්‍රීඩා තරඟාවලිය මේ වනවිට ඉන්දියාවේ නව දිල්ලි නුවර ජවහර්ලාල් ක්‍රීඩාංගනයේ පැවැත්වේ.

චීනයේ ගුවැංෂු නගරයේ පසුගිය වසරේ (2009) පැවැති 18 වැනි ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේද උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර විඡේසේකර උස පැනීමේ (පිරිමි) ඉසව්ව මීටර් 2.23 කින් අවසන් කරමින් රන් පදක්‌කම ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් විය.

 
Bookmark and Share

Comments

No Comments, be the first to Comment

Add new Comment

 
 
 
 
 
 
 
 
 
About us Advertisement Contact us
© vimasuma.com All Right Reserved