|
උසස් පෙළ Chemistry Paper එකේ අවුලක් නෑ |
|
|
|
Friday, 30 July 2010 07:13 |
|

ටියුෂන් ගුරුවරයෙකු Paper එක හදන කතා බොරු- විභාග කොමසාරිස්
ටියුෂන් ගුරුවරයෙකු මෙවර උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සකසන බවට නඟන චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව විභාග කොමසාරිස්වරයා පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ පවසන්නේ, උපකාරක පන්ති (ටියුෂන්) පවත්වන හෝ ඊට අදාළ වැඩමුළු සම්මන්ත්‍රණවලට සම්බන්ධ විශ්ව විද්‍යාල ඇදුරන් කිසිවකු අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට සම්බන්ධ නැති බවත්, විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට සම්බන්ධවන සියලු දෙනාම විභාග පනත අනුව දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙන බවත්ය.
මේ අනුව, ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට තෝරා ගන්නා ආචාර්ය මහාචාර්යවරුන් සියලු දෙනා පිළිබඳව තමා පූර්ණ විශ්වාසය තබන බවත්, තමා එහි වගකීම දරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේවතත්, පෞද්ගලික උපකාරක පන්ති (ටියුෂන්) හා වැඩමුළු පවත්වන ආයතනයකට සම්බන්ධ බව කියන විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සකස් කිරීමේ ප්‍රධානියා බැවින් එම ප්‍රශ්න පත්‍රය අවලංගු කළ යුතු බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
ටියුෂන් පන්ති පවත්වන ආයතනයක් සමඟ සෘජු සබඳකම් ඇතැයි කියන පුද්ගලයකු මෙසේ විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීම සදාචාර විරෝධී ක්‍රියාවක් වන අතර, එය සිය උපකාරක පන්තියට සිසුන් ආකර්ෂණය කර ගැනීමේ උපාය මාර්ගයක් වන බවත්, සෙසු සිසුන්ට එය විශාල අසාධාරණයක් බවත්, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වසන්ත ධර්මසිරි මහතා එහිදී පැවසීය.
ලබන අගෝස්තු 18 හා 19 දෙදින රසායන විද්‍යා විෂයය සඳහා විභාගය පැවැත්වීමට නියමිත බවත්,මෙම ප්‍රශ්න පත්‍රය වෙනුවට නව ප්‍රශ්න පත්‍රයක් වෙනත් ප්‍රධාන පරීක්ෂකයෙකු ලවා සම්පාදනය කිරීමට කටයුතු කරන ලෙසද ඔහු අදාළ බළධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
|
Comments
No Comments, be the first to Comment
Add new Comment