|
අද අළුයම සංගීතලාගේ සියතට ගිනි තබයි |
|
|
|
Friday, 30 July 2010 06:37 |
|
 අයෙක් රෝහලේ, ප්‍රවෘත්ති මැදිරියත් විනාශයි
ජනප්‍රිය නිළි සංගීතා වීරරත්න පවුලට අයත් සියත රූපවාහිනී කාර්යාලය,අද අළුයම පැමිණි කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි පොලීසිය කියයි.
ගින්නෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද ආයතනයේ ප්‍රවෘත්ති මැදිරිය ඇතුළු දේපොළ විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බවද සිදුවූ පාඩුව මෙතෙක් තක්සේරු කර නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි අප වෙත කීය.
“අද අළුයම 1.30 ට විතර මේ දේ සිදුවෙලා තියෙන්නේ.අපි පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් මේ සඳහා යොදවා තිබෙනවා.සැකකටයුතු කිසිවක් සම්බන්ධයෙන්වත්,සිද්ධියට හේතු පිළිබඳවත් මෙතෙක් අනාවරණය වී නැහැ" යැයි හෙතෙම කීය ජනප්‍රිය නිළි සංගිතා වීරරත්නගේ සැමියා වන රොෂාන්ත කාරියප්පෙරුම හා ඔහුගේ සොහොයුරු ප්‍රියන්ත කාරියප්පෙරුම සියත මාධ්‍ය ජාලයේ හිමිකරුවන් වන අතර පසුගිය ජනපතිවරණයෙන් පසුව උද්ගත වූ තත්ත්වයන් මත ඔවුන් රජයේ දැරෑ සියළු තනතුරු වලින් ඉල්ලා අස්ව මේ වනවිට විදේශගත වී සිටිති. ඔවුන්ට අයත් සියත පුවත්පතද පසුගියදා වසා දැමුවේ ය. කෙසේවෙතත්,මෙම සිදුවීම හිතා මතා රජය අපහසුතාවයට පත් කිරීම සඳහා සිදු කරන ලද්දක්ද යන්න පිළිබඳව විශාල සැකයක් මතුව පවතින බවද මේ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ රජයේ අමාත්‍යවරයෙකු පවසා සිටියේය.
|
Comments
No Comments, be the first to Comment
Add new Comment