Register for the
Daily e-news Update
එයාර්ටෙල් පෙත්සම අහක PDF Print E-mail
Thursday, 29 July 2010 17:14

ජංගම දුරකතන ඇමතුම් අවම ගාස්තුව රුපියල් දෙකක් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම ගත් තීරණය නිසා තම සමාගමට අසාධාරණයක් වන බවට එයාර්ටෙල් සමාගම ගොනුකළ පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

භාරතී එයාර්ටෙල් සමාගම ගොනුකළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු අශෝක ද සිල්වා ප්‍රමුඛ තුන් පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අද සලකා බැලූ අවස්ථාවේදී අනිකුත් දුරකතන සමාගම් එයට විරෝධය දක්වමින් පැවසුවේ ජංගම දුරකතන ඇමතුම් අවම ගාස්තුව රුපියල් දෙකකට වඩා අඩුකළ හොත් ජංගම දුරකතන කර්මාන්තයට ලොකු අලාභයක් වන බවයි.

මේ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එයාර්ටෙල් සමාගම ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම ප්‍රතික්ෂේප කළේය.

 
Bookmark and Share

Comments

No Comments, be the first to Comment

Add new Comment

 
 
 
 
 
 
 
 
 
 
 
About us Advertisement Contact us
© vimasuma.com All Right Reserved