Register for the
Daily e-news Update
අල්කයිඩා, 09/11 ප්‍රහාරය කොටි විනාශයේ මුලයි PDF Print E-mail
Thursday, 29 July 2010 17:21

ප්‍රභාකරන් යුධ විරෝධී, ලෝක ප්‍රවණතාවය තේරුම් ගත්තා නම් තත්ත්වය වෙනස් බව, කේ.පී අයිලන්ඩ් පත්තරේට කියයි

අල්කයිඩා සංවිධාන‍‍යේ 09/11 ඇමෙරිකානු ප්‍රහාරය ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ. විනාශයට මූලික හේතුව වූ බව, කේ.පී හෙවත් කුමරන් පද්මනාදන් අද අයිලන්ඩ් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පවසා ඇත.

මෙම ප්‍රහාරයෙන් පැය 24 ක් යාමට මත්තෙන් ආයුධ සන්නද්ධ කණ්ඩායම් සම්බන්ධයෙන් බටහිර ප්‍රජාවගේ මතය වෙනස් වූ බවත්, මේ තත්ත්වය කොටි නායක ප්‍රභාකරන්ට තමා පැහැදිලි කර දුන්නද එය තේරුම් ගැනීමට ඔහුට නොහැකි වු නිසා මෙම විනාශය එල්.ටී.ටී.ඊ.යට අත්වූ බවද ප්‍රභාකරන්ගෙන් පසු එහි නායකත්වයට පත්වූ කේ.පී පැවසූ බව එම පුවත්පත වාර්තා කරයි.

එහි මෙසේද සඳහන්ය.

“අල්කයිඩා සංවිධාන‍‍යේ 09/11 ඇමෙරිකානු ප්‍රහාරයෙන් පසුව තවදුරටත් ලොව ආයුධ සන්නද්ධ අරගලයන්ට පැවැත්මක් නැහැ. මෙයයි, වත්මන් ලෝක ප්‍රවණතාවය. මෙම තත්ත්වය ප්‍රභාකරන් ඇතුළු එහි නායකත්වය අවබෝධ කරගෙන කටයුතු කළා,නම් අද තත්ත්වය වෙනස්.”

2009 මැයි 10 දා ප්‍රබල කොටින් 400 කට මරු කැඳවමින් සිදුවූ ප්‍රහාරය කොටි සංවිධානයේ විනාශය සිදුවූ දින ලෙසයි මා දකින්නේ. මේ ගැන මම නඩේසන් සමග කතාකළා.ඒ මොහොතෙත් තුන්වන පාර්ශවයක් මැදිවී ඔවුන් බේරා ගනීවි යැයි ඔවුන් විශ්වාසයකිනුයි හිටියේ. මමත් එක්සත් ජාතීන් හා තවත් සංවිධාන කිහිපයක් හරහා යම් විසඳුමක් ලබාදෙන්න උත්සාහ ගත්තා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය වර්ගවාදී බෙදීම් තුරන් කර රටේ දිගු කාලීන සාමය ඇති කරනු ඇතැයි තමා විශ්වාස කරන බවද මෙහිදී පවසා ඇති කේ.පී. නැවත පදිංචිකිරීම් සතුටුදායක මට්ටමක පවතින බවද කියා ඇත.

 
Bookmark and Share

Comments

No Comments, be the first to Comment

Add new Comment

 
 
 
 
 
 
 
 
 
 
 
About us Advertisement Contact us
© vimasuma.com All Right Reserved