ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙළිය රඹුක්වැල්ල සතියේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් අද ඒ වග මෙසේ සඳහන් කළේය.
“ඕනම අපරාධකරුවෙකු රජයේ සාක්ෂිකරුවෙකු කරගන්න පුළුවන්.
නීතියේ ඉඩක් තිබෙනවා අපරාධකරුවෙකු රජයේ සාක්ෂි කරුවෙකු කර ඔහුට නිදහස ලබාදෙන්න.”
“මම මෙතනදී කියන්නෙ නෑ කේ.පී.ට වෙන්නෙ ඒකයි කියල.”
“හැබැයි, ඒ අවසරය හා ඒ ඉඩකඩ තියනවයි කියල සඳහන් කරනවා.”
වසර තිහක් මෙරට සංවර්ධනය ආපස්සට හැරවූ කුරිරු කොටි ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් රැස්කරමින් කොටින්ට අවි ආයුධ සැපයූ කුමරන් පද්මනාදන්, වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඝාතනයෙන් පසුව කොටි සංවිධානයේ නායකයා ලෙසින් සැලකුණු අතර ඔහුට වැඩි කලක් එම තනතුර දරමින් සිටීමට නොහැකි විය.
කේ.පී.ව විදේශීය රටකදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරුණු අතර ඔහු මේ වනවිට සිටින්නේ මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවේයි.
කේ.පී. ගේ නවතම තතු පිළිබඳව අදහස් දක්වමින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පැවසුවේ යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීමට ඉදිරිපත් වී සිටින ද්‍රවිඩ ඩයස්පෝරාවේ පිරිස් සමග අත්අඩංගුවේ සිටින කේ.පී.ද සිටින බවයි.
“ද්‍රවිඩ ඩයස්පෝරාවෙන් අපි ඉල්ලා සිටියා ත්‍රස්තවාදය අවසන් නිසා උතුරේ වැසියන් නගා සිටුවීමට එක්වෙන්න කියා.
එයට කොටසක් එකතුවෙලා. මේ ඩයස්පෝරාව ඔක්කොම කොටි නෙවේ. ඔවුන් දෙකොටසක් ඉන්නවා. ඒ ඉදිරිපත්වීමේදී, ඒ සඳහා කේ.පී වගේ කෙනෙකුත් සම්බන්ධ වී තිබෙනවා. ඔහුත් විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා.”
අමාත්‍යවරයා පැවසුවේ ද්‍රවිඩ ඩයස්පෝරාවෙන් කොටින්ගේ විනාශකාරී ක්‍රියා සඳහා විශාල ලෙස මුදල් රැස්කළේ කේ.පී. නිසා ඔහුගේ සම්බන්ධතා මත උතුරු-නැගෙනහිර සංවර්ධනයට ද්‍රවිඩ ඩයස්පෝරාව සම්බන්ධ කර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
මෙය සංහිඳියාවේ හොඳම සංහිඳියාවක් බව අමාත්‍යවරයා කීය.
Comments
1) Punnakku
Author: Nalaka
Keheliya mahattayooooo meta wada hoda punnakku kawanam.....
Add new Comment