Register for the
Daily e-news Update
පාඨලී, අළුත් මාවතක Print E-mail
Thursday, 29 July 2010 14:15

සෑම වසරකම මෙගාවොට් 200 ක් බැගින් ඉදිරි වසර වලදී ගල් අඟුරු වලින් විදුලිය නිපදවීමට සකස් කළ ජනන සැලසුම වෙනස් කළබව, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා කියයි.

“විදුල්කා” ප්‍රදර්ශනය පිළිබඳව දැනුවත් කිරීමට අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මේ බව පැවසීය.

මේ අනුව, ඉදිරි වසර වලදී ගල් අඟුරු වලින් විදුලිය නිපදවීමේ ජනන සැලසුම වෙනුවට ඉදිරි වසර පහ තුළදී දැනට ඩීසල් මගින් ක්‍රියාත්මක වන බලාගාර අඩු වියදම් ඉන්ධන බලාගාර බවට හැරවීමටත් දෙවන පියවර ලෙස දිගුකාලීනව පුනර්ජනනීය බලශක්තිය වැඩිපුර හඳුන්වා දීමටත් සැලසුම් කර තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ විදුලිය ඒකකයක් නිපදවීමට 1980 වසරේදී වැයවූයේ ශත 18 ක් වුවත් මේ වනවිට ඒ සඳහා රුපියල් 18 ක් වැයවන්නේ වැඩිමිල ඉන්ධන යොදා ගනිමින් විදුලිය නිපදවීම නිසා බවයි.

තවත් වසර ගණනාවකින් ලෝකයේ ඛනිජ තෙල් අවසන් වීම සිදුවන හෙයිනුත් ඉන්ධන දහනය හේතුවෙන් ලෝකය උණුසුම්වීම හේතුවෙනුත් වඩ වඩාත් පුනර්ජනනීය විදුලිය නිපදවීමට යොමුවිය යුතුබව අමාත්‍යවරයා අවධාරණය කළේය.

වසර 2012 වනවිට මෙරට සියළු පුරවැසියන්ට විදුලිය ලබාදීමටත් තවත් වසර පහකින් දැවැන්ත අලාභ ලබමින් තිබෙන විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් අලාභ නැති කිරීමටත් සැලසුම් කර ඇතැයිද හෙතෙම කීය.

පසුගිය වසර දොළහ තුළදී ලංකා විදුලි බල මණ්ඩලය ලැබූ අලාභය රුපියල් බිලියන 148 කි.

 
Bookmark and Share

Comments

No Comments, be the first to Comment

Add new Comment

 
 
 
 
 
 
 
 
 
 
 
About us Advertisement Contact us
© vimasuma.com All Right Reserved