Register for the
Daily e-news Update
3G වලින් වැටුණු ඩයලොග් Number portability වලට ok PDF Print E-mail
Thursday, 29 July 2010 12:40

2006 දී ඉමහත් ප්‍රචාරයක් ලබාදී දකුණු ආසියාවේ මුල් වරට 3G තාක්ෂණය ලංකාවට හඳුන්වා දුන්නද එමගින් අපේක්ෂිත ප්‍රතිඵල ළඟාකර ගත නොහැකි වූ බව ඩයලොග් ප්‍රධානී ආචාර්ය හාන්ස් විජේසූරිය කියයි.

එය ලොව පුරාද අසාර්ථක වූ බව කියන විජේසූරිය මහතා එම තාක්ෂණය බ්‍රෝඩ්බෑන්ඩ් සේවා ප්‍රචලිත කිරීම සඳහා දැන් යොදා ගැනීමට බොහෝදෙනා යොමුව සිටින බවද පවසයි.

“කතා කරන තැන පිළිබඳ රහස්‍ය භාවය රකින්ටද මන්දා බොහෝදෙනා මෙම 3G තාක්ෂනයට කැමති නැහැ.ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් එය අපේ වැරදි තේරීමක්” යැයි හෙතෙම කීය.

ඊයේ පස්වරුවේ කොළඹ ඉන්ටකොන්ටිනෙන්ටල් හෝටලයේ පැවති "LBR-LBO" ප්‍රධාන විධායක හමුවේ ප්‍රධාන දේශනය කරමින් ස්වකීය ව්‍යාපාරික අත්දැකීම් හෙළිකරමින් හෙතෙම මේ බව කියා සිටියේය.

මූල්‍ය අර්බුද හමුවේ 4000 ක්වූ ඩයලොග් සේවක පිරිස 3000 දක්වා අඩුකළ බවත් වසර 21/2 කින් වැටුප් වර්ධක ලබාදී නැති බවත් එසේ වුවද එම සේවකයින් තම සාර්ථකත්වයේ ශක්තිය බවත් මෙහිදී හෙතෙම කීය.

CDMA සේවා වලද යම් පසු බැසීමක් පවතින බව කියන ඩයලොග් ප්‍රධානියා ආර්ථීක පිබිදීම් මත ඩයලොග් ටී.වී හා අන්තර්ජාල සේවා සඳහා හොඳ ඉල්ලුමක් පවතින බවද කියයි.

මේ අතරේ, එකම දුරකතන අංකයක් මගින් ඕනෑම ජංගම දුරකතන සේවා ජාලයක සේවාව(Number Portability) ලබාදීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ යෝජනාව ඉතා හොඳ එකක් බවත් එයට ඩයලොග් සමාගම කැමැත්තෙන් සිටින බවත් හාන්ස් විජේසූරිය මහතා සඳහන් කරයි.

කෙසේවෙතත්,එය ස්ථාවර දුරකතන වලටත් හඳුන්වා දිය යුතු බවද හෙතෙම කියයි.

“මෙමගින් අපේ සමාගමේ කටයුතු වලට යම් බලපෑමක් එල්ල කරනවා තමයි. ඒත් එයට අප සුදානම් විය යුතුයි. ඇත්තෙන්ම මෙය වසරකට පෙර සිදුකළ යුතුව තිබූ දෙයක්” යනුවෙන් විජේසූරිය මහතා පවසයි.

එයාර් ටෙල් සමාගම මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා දැඩි කැමැත්තකින් සිටින බවද සඳහන්ය.

 
Bookmark and Share

Comments

No Comments, be the first to Comment

Add new Comment

 
 
 
 
 
 
 
 
 
 
 
About us Advertisement Contact us
© vimasuma.com All Right Reserved