|
අනාගත දඟයන් හදන්න, මුරලි-කුම්බ්ලේ “සෙට්” වෙයි |
|
|
|
|
Thursday, 29 July 2010 09:22 |
|

ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුළු 1419 ක් දවා ඇති මුත්තයියා මුරලිදරන්,අනිල් කුම්බ්ලේ සුසංයෝගය එක්වී ඉන්දියාවේ බැංගලෝරයේ දඟ පන්දු යවන්නන් පුහුණු කිරීමේ පාසැලක් ආරම්භ කිරීමට සූදානම් වනබව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කරයි.
“මෙය අනිල් කුම්බ්ලේගේ ඇරයුමක්.ඔහු බැංගලෝරයේ දඟ පන්දු යවන්නන් පුහුණු කිරීමේ පාසැලක් ආරම්භ කිරීමට මේ දිනවල සැලසුම් කරමින් සිටින්නේ.මම පුහුණු කිරීමේ අංශයෙන් එතරම් දුරක් යන්න බලාපොරොත්තුවක් නැහැ.ඒත්, ඔහු එය සාර්ථක කරගතහොත් මම මගේ සේවය ලබාදීමට සතුටිනුයි සිටින්නෙ.”
යැයි, ඉන්දියාවට එරෙහිව ස්වකීය ටෙස්ට් දිවියේ අවසන් ටෙස්ට් තරගයේ කඩුළු 08 ක් බිඳ හෙළමින් ටෙස්ට් කඩුළු 800 ක ලෝක වාර්තාවට හිමිකම් පෑ මුත්තයියා මුරලිදරන් පවසා ඇත.
දිගු කාලයක් තිස්සේ ඉතා කුළුපග මිතුරන් වන මුරලි හා කුම්බිලේ මේ සඳහා කලක පටන් සාකච්ඡා කරමින් සිට තිබේ.
කෙසේවෙතත්, කුම්බ්ලේ පවසා ඇත්තේ මුරලි ටෙස්ට් දිවියට සමුදුන් පසු ඔහු හමු නොවූ බවත් ඔහු ටෙස්ට් දිවියට සමුදීමේ උත්සව අවසන් වූ පසු මේ සඳහා අවශ්‍ය අඩිතාලම දමන බවයි.
|
Comments
No Comments, be the first to Comment
Add new Comment