|
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ප්‍රසාද පොලී ගෙවීම මුලාවක් |
|
|
|
|
Wednesday, 28 July 2010 16:26 |
|
 තිස්ස අත්තනායකගෙන් චෝදනා ගොඩයි
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා මහ බැංකුව ලබාදීමට පොරොන්දු වූ අමතර සියයට 20 ක ප්‍රසාද පොලිය හදිසියේම නවතා දැමීමට තීරණය කිරීම බලවත් අසාධාරණයක් බව එ.ජා.ප.ය කියයි.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, තිස්ස අත්තනායක අද කොළඹදී මාධ්‍ය හමුවේ පැවසුවේ ආණ්ඩුව විශාල වශයෙන් අනවශ්‍ය වියදම් කරමින් සිටිද්දී, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවන මෙම ප්‍රසාද පොලිය ලොකු වියදමක් ලෙස සලකන්නේ නම් එයින් පෙනෙන්නේ මෙම වැඩිහිටියන් කෙරෙහි ආණ්ඩුව දක්වන අඩු සැලකිල්ල බවයි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා මහ බැංකුව විසින් සියයට 20 ක ප්‍රසාද පොලියක් ගෙවන බව පසුගියදා දැනුම් දීමෙන් පසුව අති විශාල මුදල් ප්‍රමාණයක් මොවුන් විසින් බැංකුවල තැන්පත් කළ බවත් ආණ්ඩුව ඒවායින් අවශ්‍ය වැඩ ගැනීමෙන් පසුව මෙම පොලිය අහෝසි කිරීමට සැරසෙන බවටත් අත්තනායක මහතා මෙහිදී චෝදනා කළේය.
ඔහු වැඩිදුටරත් පැවසුවේ මෙම ප්‍රසාද පොලී ගෙවීම ජූලි 30 වනදා සිට නවතා දැමීමට තීරණය කර තිබෙන බව වාර්තා වී තිබෙන බවයි.
මහ බැංකුව පසුගියදා පැවසුවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහන ලබාදීමේ අරමුණින් ඔවුන්ගේ තැන්පත් සඳහා සියයට 20 ක ප්‍රසාද පොලියක් පිරිනමන බවත් ලියාපදිංචි බැංකුවක මුදල් තැන්පත් කර ඇත්නම් ඔහුට හෝ ඇයට සාමාන්‍යයෙන් ගෙවනු ලබන පොලියට අමතරව සියයට 20 ක ප්‍රසාද දීමනාව 2010 ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදෙන බවයි.
|
Comments
1) MR
Author: Elton Fernando
mamatth seinior purawasiyek, katada mewa dunne, danata awurudu 2k wenawa mage thanpathuwalata, matanam sathayak wath labune nehe
2) habayas@gmail.com
Author: habayaskopus
kawda me jesta purawesiyan?wayasgatha wuwanda nathnam kawrunda?
3) Reply to habayaskopus
Author: Elton Fernando
Senior purawasiyan kiyanne over 60 years
Add new Comment