|
FACE BOOK හරහා කොටු වූ ප්‍රබල ඝාතකයෙකුගේ කතාවක්... |
|
|
|
Wednesday, 28 July 2010 11:29 |
|

මිනිස් ඝාතනයන් ගණනාවක් සිදුකළා යැයි කියන පිලිපීන ඝාතකයෙකු Facebook වෙබ් අඩවිය හරහා අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය සමත් වේ.
පිලිපීන පොලීසිය පවසන්නේ, විදේශීකයන් 03 දෙනකු ඇතුළුව පුද්ගලයන් 09 දෙනෙකු මෙම සැකකරුවා විසින් ඝාතනයට ලක්කර ඇති බවත්, මීට අදාළ සාක්ෂි රැස්කර ගත්තේ ඔහුගේම Facebook ගිණුම හරහා බවයි.
පරිගණක තාක්ෂණවේදියෙකු වන 28 හැවිරිදි මාක් ඩයිසන් නම් මෙම සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට රැගෙන ඇත්තේ, පෙරේදා සැන්ප්‍රැන්සිස්කෝ නගරයේදීය. ඒ, සිය පියා විසින්ම ලබාදුන් තොරතුරකට අනුවයි.
ඔහුගේම Facebook සගයන් විසින් මොහු හඳුනා ගත් බවට පැවෙසන අතරේ ඝාතන සැකකරු පැහැදිලිවම හඳුනා ගත් දෙදෙනෙකු පවසන්නේ, ඝාතනයට ලක්කළ එක් පුද්ගලයෙකුගේ දියණියක් සමඟ අදාළ සැකකරු පෙම් සබඳතාවක්ද පවත්වා ගෙන ගිය බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට, මෙම සැකකරු එම පුද්ගලයන් සමඟ පළමුව මිත්‍ර සබඳකමක් ඇති කරගෙන ඉන් අනතුරුව එම නිවෙස්වලට ගොස් ඔවුන්ට වෙඩි තබා ඝාතනය කර තිබේ.
කෙසේවෙතත්, පොලීසිය ඔහු පසුපස ලුහු බඳින බවට සැක සිතී සිය Facebook ගිණුම අත්හිටුවීමටද මොහු කටයුතු කර තිබේ.
මේ අතර, ඝාතනයට පත්කළ පුද්ගලයින් සතු විදුලි උපකරණ ඇතුළු වටිනා භාණ්ඩ සොරකම් කර ඒවා උකස් කළ බවටද මියගිය සැකකරුවා චෝදනා ලැබුවේය.
|
Comments
No Comments, be the first to Comment
Add new Comment