Register for the
Daily e-news Update
ආණ්ඩුවෙන්,බණ්ඩාරනායකලාට කුඩම්මගෙ සැලකිලිලු PDF Print E-mail
Saturday, 24 July 2010 14:09

හිටපු ජනපතිනිය බී.බී.සී.යට මෙසේ කියයි.

ලොව ප්‍රථම අගමැතිනිය වශයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය රට වෙනුවෙන් සිදු කළ මහඟු කාර්ය භාරය වත්මන් රජය විසින් අමතක කර දැමීම නින්දිත ක්‍රියාවක් බව හිටපු ජනාධිපතිනිය පවසයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මිය මේ බව සඳහන් කර ඇත්තේ බී.බී.සී. පුවත් සේවය සමඟ එක් වෙමිනි.

ලොව ප්‍රථම අගමැතිනිය බලයට පත්වී ජූලි මස 21 වන දිනට වසර 50 ක් සම්පූර්ණ වූ බවත්,ශ්‍රී ලංකා රජය එය සැමරිය යුතුව තිබුණු බවත් ඇය පවසා තිබෙන අතර වත්මන් රජය බණ්ඩාරනායක පවුලට ප්‍රසිද්ධියේ එදිරිවාදිකම් කරන බව ද ඇය සඳහන් කර ඇත.

“මගේ මෙන්ම මැතිණිගේ පක්ෂයෙන් බලයට පැමිණ සිටින මේ රජය,සිරිමාවෝ මැතිණි ‍රට වෙනුවෙන් සිදු කළ කාර්යභාරය අගයා ඇය සඳහා කිසිදු අනුස්මරණයක් කර නැහැ.එය ඉතා පිළිකුල් සහගත ක්‍රියාවක්. මං හිතන්නේ රජය ඒ පිළිබඳ දැඩිව සිතා බැලිය යුතුයි.” අපේ රට ලෝක සිතියමට ඇතුළත් කරන්නට කටයුතු කළේ, ඇයයි.ඇය නොබැඳි සමුළු‍වේ නායකත්වය ද ඉසුලූ කෙනෙක්. තවත් ජාත්‍යන්තර සංවිධාන බොහොමයක ඇය නායකත්වය උසුලා තිබෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් ඇය කරන ලද කැපවීම පරම දායාදයක්”

යනුවෙන් ද ඇය සඳහන් කර තිබේ.

 
Bookmark and Share

Comments

  • 1) Appe

    Author: Nalaka

    ow Karala dunna ewata mehema salakalath wadi oyalata...... hitagena inne rata hadala dunna kiyalada?

  • 2) Mr

    Author: Sam

    Hello Chandrika:

    We respect your mom, that is NOT because of she was your mom, that’s because of we treat her nations mom. Sirimwo was a leader of the world in 1976 when I was just 12 years old. Our nation will never forget her and cannot forget her. Not like her daughters and son, there is no need to have a memorial ceremony to remind about her as she is always with in our hearts.
    Do not even try to blame president Rajapaksha in this unreasonable manner as you do not even talk to him (the president) and you will certainly not attend any memorial ceremonies if Rajapaksha organize one even though it is not required (as explained above).
    Get a life and just enjoy rest of your life in peaceful Sri Lanka. I am not sure how many people will memorize you when you will be gone, but at last try to add couple of more for that by minding your own business.

    Thank you
    Sam

Add new Comment

 
 
 
 
 
 
 
 
 
 
 
About us Advertisement Contact us
© vimasuma.com All Right Reserved