Register for the
Daily e-news Update
ධම්මික පෙරේරාගෙන් අලුත් සෙල්ලමක්!!! PDF Print E-mail
Thursday, 22 July 2010 11:06

හික්කඩුව අමායා රීෆ් ජනතාව වෙනුවෙන් පුදයි

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් අමායා හෝටල් සමූහයේ පාලනයට යටත්ව තිබූ හික්කඩුව අමායා රීෆ් හෝටලයේ අයිතිය අද සාමාන්‍ය කොටස්කරුවන් වෙත පවරා දුන්බව එම සමූහයේ අධ්‍යක්ෂ, නිමල් පෙරේරා කියයි.

හෙතෙම මෙසේද කීය.

“රුපියල් 4.10 ත් 5 ත් අතර මිලකට මෙහි කොටසක් අද අලෙවි වුණා. මේ සියලු කොටස් මිලදී ගත්තේ සාමාන්‍ය කොටස්කරුවන් විසිනුයි.අප හෝටල් සමූහය විසින් පාලනය කරන මහජනයා සතුව සියයට සියයක්ම අයිතිය ඇති සමාගමක් ලෙස මෙය පත්වනු ඇති.

මෙම කොටස් විකිණිමෙන් ලබා ගන්නා මුදල් වාද්දූවේ ඩොලර් මිලියන 15 ක් වැයකර ඉදි කෙරෙන අමායා සෑන්ඩීස් තරු 04 හෝටලය වෙනුවෙන් යොදවන්න බලාපොරොත්තු වෙනවා. “

අමායා රීෆ් හෝටලයේ සියයට 50 ක කොටස් අමායා හෝටල් සමූහය යටතේ තිබු අතර එම කොටස් මිලියන 109 ක් විකිණීමෙන් රුපියල් මිලියන 300 ක් පමණ උපයා ගත හැකි වෙතැයි විශ්වාස කෙරේ.

ඉෂාර ගමගේ විසිනි.

 
Bookmark and Share

Comments

No Comments, be the first to Comment

Add new Comment

 
 
 
 
 
 
 
 
 
 
 
About us Advertisement Contact us
© vimasuma.com All Right Reserved