අතීතාවර්ජනය
කොපර්නිකස් න්‍යායයෙන් සියවස් එක හමාරකට පසුව එනම්, 1680 දී ,පමණ එම්.ලී ජෙන්ඩිරා ප්‍රමුඛ ව්‍යාපාරිකයන් පිරිසක් මුණ ගැසුණ එවකට ප්‍රංශයේ මුදල් ඇමතිව සිටි ජීන් බැප්ටිස්ට් කොල්බර්ට් පුද්ගලික අංශයේ ව්‍යාවසායකයින් ලෙසට ඔබලාට රජයෙන් කුමක් අවශ්‍ය දැයි ඔවුනගෙන් විමසා සිටියේය.එයට එක්වරම ජෙන්ඩිරා දුන් පිළිතුර වූයේ අපට අපේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්න යන්නයි.( Leave us alone) එයිනුත් සියවසකට පමණ පසු ආර්ථීකයට රජය මැදිහත් නොවිය යුතුය (laissez faire) යන සංකල්පය මුල් බැස ගැනීම කෙරෙහි මෙම පිළිතුර ඉවහල් විය.
ව්‍යාපාරික ජෙන්ඩා මෙයින් මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ අපට හොඳ මුදල් මිස නරක මුදල් නොදෙන්න යන්නයි.
කොපර්නිකස්ගේ මෙම සොයා ගැනීමෙන් වසර 500 කට පසුව එනම් වසර 2004 දී, ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයා පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායකයන් 04 ක් ගැන දැඩි විවේචනයක යෙදෙමින් ඒවා දවසේ රාක්ෂයින් යැයි පවසා තිබිණි.මෙම උගත් අමාත්‍යවරයා කොපර්නිකස් න්‍යාය අනුව යමින් මේ පවසා ඇත්තේ මෙම සහජයෙන්ම නිද්‍රෝපගත ,අකාර්යක්ෂම රාජ්‍ය ආයතන මගින් නරක මුදල් උත්පාදනය කරන බවයි.
රටේ අවසානවකට මෙම රාක්ෂයන් මෙල්ල කිරීමට හැකි කාලයක් අමුණුගම අමාත්‍යවරයාට තම තනතුරේ රැඳී සිටීමට නොහැකි විය. පසුගිය 2009 මහ බැංකු වාර්තාව මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ මෙම පාඩු ලබන රාක්ෂයන් කාලයක් තිස්සේ තවදුරටත් වැඩි වර්ධනය වෙමින් තිබෙන බවත්, රාජ්‍ය අංශයට තවත් මේ අකාරයේ සමාගම් පවරණු ලැබුවහොත් තවත් නරක මුදල් උත්පාදනය කරන ආර්ථීක රාක්ෂයින් තිදෙනෙකුවත් රට තුළ ජනිත වන බවත්ය.
තැපැල් දෙපාර්තමේන්තුව, මිහින් ලංකා හා සැබෑ ශ්‍රී ලාංකිකයින් වෙත 2007 දී පැවරුණු ශ්‍රී ලංකන් එයාර් මෙම නව ආර්ථීක රකුසන් බවට මේ අකාරයෙන් පත් වී ඇත.මෙම ආර්ථීක රකුසන් සත් දෙනා එක්ව රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 01 කට සමාන මුදලක් කබාසිනියා කරමින් එනම් රුපියල් බිලියන 50 ක මෙහෙයුම් අලාභයක් ජනිත කරමින් නරක මුදල් රට තුළ ව්‍යාප්ත කිරීමට ගතවූ කාලයේ රැකුල් දී තිබේ.
නරක මුදල් උත්පාදනය සඳහා වන මෙම කැමැත්ත මෙතකින් නතර වන අයුරක් නොපෙනේ.ෂෙල් හා ශ්‍රී ලංකන් එයාර් නැවත රජයට ගැනීමට දරන ප්‍රයත්නයන්ගෙන් මේ බව තහවුරු කර ඇත. මෙහි නව හිමිකරුවන් ඒවායේ පවත්නා අකාර්යක්ෂමතාවය,උදාසීනත්වය තුරන් කර හොඳ මුදල් උත්පාදනය කරන ආයතන බවට ඒවා පත් කිරීමට නොහැකිවන්නේ නම් කොපර්නිකස් තමන්ගේ මීනි වලේ සිට මේවා දැක සිනාසීම වලක්වන්නට කිසි ජගතෙකුටවත් නොහැකි වනු ඇත.
තේනුවර නිබන්ධනය
ආචාර්ය තේනුවර මෙම පොත මගින් ඉතා පැහැදිලිව හා තදින්ම අවධාරණය කිරීමට උත්සාහ ගන්නේ මුදල් හඳුන්වා දීමෙන් පසුව ජාතියක සුභ සාධනය ඉහළ ගියද නිරන්තරයෙන්ම එහි සිදුවන වර්ධනයකින් ඇති වන්නේ එහි විරුද්ධාර්ථය බවයි.මුදල් මැවීමේ කරතව්‍යය සඳහා නිසි මූල්‍ය විනයක් ඇතිකළ හැකි වගකිව යුතු මූල්‍යාධිකාරියක් නැතිනම් මහ බැංකුවක් මෙම අනර්ථකාරීත්වයන් මඟ හැරීම සඳහා ස්ථාපිත කළ යුතු බව හෙතමෙ අවධාරණය කරයි.
ආචාර්ය තේනුවර මෙම පොත මගින් වැඩිදුරටත් තර්ක කරන්නේ මහ බැංකු කරුවන් රාජකාරි නියෝග ලබන බල අධිකාරියේ වැරදි උපකල්පනයන් මගින් මෙහෙයවීම් ලබන බවයි.වාණිජ බැංකු තමන් සතු තැන්පතු මෙන් කිහිප ගුණයකින් ණය ලබාදීම මගින් මුදල් මැවිය හැකි මෙන්ම රජයන්ටත් තමන්ගේ අයවැය හිඟය මූල්‍යකරණය කරනු ලබන විදෙස් ණය ,වාණිජ හා මහ බැංකු ණය මගින් මෙම මුදල් මැවීමේ කරතව්‍යයට දායකත්වය ලබාදිය හැකිය.රටක ජනතාව අත ගැවෙසෙන මුදල් ප්‍රමාණයට වඩා මෙසේ මවා දෙන මුදල් ප්‍රමාණය වැඩි වූ කළ එම අතිරික්තය වෙළෙඳ පොළේ හිඟ සැපයුමක් ඇති භාණ්ඩ හා සේවා පසු පස හඹායාම නිසා භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාම් සිදුවේ.මෙම මිල මටිටමේ ඉහළ යාම් වේගවත්ව, අඛණ්ඩව සිදුවන කළ මිල උද්ධමනය ඇති වී එමගින් ජනතාව වෙත පීඩනයක් ගෙන දේ.
ආචාර්ය තේනුවර, අනිකුත් රටවල දත්තයන් හා සංසන්දනය කරමින් ඔප්පු කිරීමට උත්සාහ දරන්නේ අඛණ්ඩ ආර්ථීක වෘද්ධියකට ඉවහල් වන අඩු උද්ධමනකාරී හා හොඳ මුදල් ඇති ආර්ථීකයික් සෑම විටම ශක්තිමත් ආයතනගත ව්‍යුහයක් හා යහ පාලනයක් මගින් ජනිත කළ හැකි බවයි.
සිංගප්පූරුව, තෙවන ලොව දුප්පත් ආර්ථීකයක සිට සංවර්ධිත ආර්ථිකයක් කරා පා එසවූ දැවැන්ත ආර්ථීක පරිවර්තනයක් සිදු වූ 1950-2005 කාලයේ මෙම නරක මුදල් උත්පාදනය යම් ස්ථාවර මට්ටමක තිබුණි.මෙම කාලයේ ශ්‍රී ලංකාවේ සංචිත මුදල් මැවීම 1950 පදනම් වර්ෂයේ වූ 100 අගයේ සිට 2005 වසර වනවිට 22,000 දක්වා (පිටුව 135) දැවැන්තව ඉහළ නැග ඇත.මෙම කාලයේ ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය කොපමණද? මේ සඳහා ආචාර්ය තේනුවරයන් කාල ශ්‍රේණියක් ගෙන හැර නොදැක් වුවද අවශ්‍ය අයෙකුට එය මහ බැංකු ප්‍රකාශන පරිශීලනය කිරීමෙන් ඉතා පහසුවෙන්ම සොයා ගත හැකිය. නිදහස් ලද 1948 වසරේ මෙම ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 120 ක් වූ අතර 2005 වනවිට එය ඩොලර් 1197 දක්වා ඉහළ නැග ඇත.
මේ අනුව,තේනුවර තම නිබන්ධනය මගින් එක් දෙයක් ඉතා පැහැදිලිව පසක් කර ඇත. එනම්,නිදහසින් පසු සමයේ ශ්‍රී ලංකාවේ අනුගමනය කළ නරක මූල්‍ය ප්‍රතිපත්ති, මේ රට සංවර්ධිත ලෝකයේ පමණක් නොව අසල්වැසි දුප්පත් රාජ්‍යයන්ටත් වඩා බෙහෙවින් පසුගාමී අන්ත අසරණ අඩියකට ඇද දමා ඇති බවයි.
එසේ නම් දැන් කුමක් කළ යුතුව ඇත්ද?
ආචාර්ය තේනුවරට අනුව මේ පත්ව ඇති ආර්ථීක ආගාධයෙන් ගොඩ ඒමේ මග ස්වාධීන මහ බැංකුවක්, ශක්තිමත් ආයතනිගත ව්‍යුහයක් හා ක්‍රමවත් යහ පාලන ක්‍රම වේදයක් රට තුළ ස්ථාපිත කිරීමයි. ධන උත්පාදනය හා සෞභාග්‍යය ඇති කිරීම සඳහා මෙවැනි ආයතනික ගත ව්‍යුහයක් අත්‍යවශයය.
වගවීමකින් හා විනිවිදභාවයකින් තොර මහ බැංකුවක් සැමවිටම දැමුණු මහ බැංකුවකට වඩා වැඩි උපද්‍රවයක් සිදු කරනු ලබනු බවටද ආචාර්ය තේනුවර අනතුරු හඟවයි.මෙවැනි තත්ත්වක් සදාචාර උවදුරක් බවට පත් වෙමින් අර්බුදයන් පැටව් ගසමින් වැඩි වර්ධනය කරනු ලබන බවටද හෙතෙම කියා පානුයේ වසංගත තත්ත්වයක් අඩු ස්වාධීනත්වකට වඩා දරුණු බව පවසමිනි.
ඒ කෙසේවෙතත්, ව්‍යවස්ථාපිතව ඇති කරන ලද ස්වාධීන මහ බැංකුවකටත් වඩා මුදල් සංගමයක සාමාජිකයෙකු වීමෙන් ලැබිය හැකි විනය බලධරයන් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වැඩි බැඳීමකට ලක් කරන බව ආචාර්ය තේනුවරගේ අදහසයි. මෙහි යථාර්ථය වටහා ගැනීමට ඇති මෑත කාලීන හොඳම උදාහරණ ලෙස ග්‍රීසියේ,පෘතුගාලයේ,හා ස්පඤ්ඤයේ සැගවුණු නරක මුදල් ප්‍රතිපත්ති බිඳ හෙලීම සඳහා යුරෝපා සංගමය මැදිහත් වූ ආකාරය ගෙන හැර දැක්විය හැකිය.
නමුත් ප්‍රශ්න වන්නේ මෙය ශ්‍රී ලංකාවට කොතරම් ප්‍රායෝගිකව අදාල කළ හැකිද? යන්නයි. මේ අනුව, යමින් ශ්‍රී ලංකාව දකුණු ආසියානු මූල්‍ය සංගමයකට බැඳිය යුතුද? යම් හෙයකින් ,එසේ වුවත් එය වඩාත් අනර්ථකාරී විය හැක්කේ කළාපයේ අනිකුත් රටවල් ශ්‍රී ලංකාවටත් වඩා අන්ත ලෙස නරක මුදල් උත්පාදනය සිදුකරන රටවල් වීමයි.
“මුදල්,උද්ධමනය හා නිමැවුම”: සෑම දෙනාම කියවිය යුතුය.
ආචාර්ය තේනුවර ඉහළ පෙලේ ගණිතඥයෙකු හා ආර්ථික මිනිතඥයෙකු වුවද කිසිදු ගණිත සමීකරණයක් හෝ ආකෘතියක් මෙම පොත මගින් ගෙන හැර නොදැක්වීමට වග බලා ගෙන තිබේ.මෙහි භාෂාව සරලය.රටවල් අතරේ සංසන්දනාත්මක දත්ත මගින් පොතේ අගය වඩාත් ඉහළ නංවා තිබේ.උසස් මනස් සැමවිටම අඩු දියුණු මනස් ඇති අයවෙත වචනයෙන්ම ප්‍රතිචාර දැක්විය යුතුබව ඔහු ඔප්පු කර ඇත.
මෙම පොත ලිවීමෙන් ආචාර්ය තේනුවරයන් අපේක්ෂා කළේ කුමක්ද? මෙය ඔහුගේ පැරණි මහ බැංකු වෘත්තිය සගයන් ඉලක්ක කර ලියවූවක්ද? නැත.මෙම පොත රට හා එළි දක්වන කාලය සම්බන්ධයෙන් ගත්කළ අපක්ෂපාතීත්වයක් දරයි. මෙම පොත තුළින් ඔහු කිසිදු ආර්ථීක ගුරු කුලයකට විවෘතව ගැති නොවී ඔහුගේ මතවාදය තහවුරු කළ හැකි තතු විස්තර පමණක් ගෙන හැර දැක්වීමට හැකි සෑම විටකම උත්සාහ ගෙන ඇත. හොඳ මුදල් තුළින් ආර්ථීක සෞභාග්‍යයත් නරක මුදල් තුලින් ආර්ථීකයේ අපේක්ෂා භංගත්වයත් පැතිරෙන බවට වන කොපර්නිකස්ගේ විඥානය තහවුරු කිරිමට ආචාර්ය තේනුවරයන් මෙම පොතින් උපරිමයෙන් කටයුතු කර ඇතිබව මාගේ හැඟීමයි.
මේ නිසා, මෙම පොත සෑම දෙනකුම කියවිය යුතු බවට නීර්දේශ කරමි.
පරිවර්තනය හා සිරස්තලය ඉෂාර ගමගේ විසිනි.
Comments
1) No Title
Author: bandula
great letter......sir...
Add new Comment