එමෙන්ම, අරමුදලේ සාමාජික රටවල පැන නගින ආර්ථික අර්බුද හා කම්පනයන් සඳහා ක්ෂණිකව පිළිසරණ වියහැකි ණය සම්පාදන ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් පිරිවැය අධික විදේශ සංචිත ගොඩ ගසා ගැනීම නතර කිරිමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් අරමුදල අදහස් කර ඇත.
මෙවැනි ආරක්ෂක දැලකින් නිකරුණේ සංචිත ගොඩනැංවාලීම වෙනුවට ආයෝජන සඳහා වැඩිපුර අරමුදල් යොදවා ගැනීමට හැකිවන බවත් අරමුදල පෙන්වා දී තිබේ.
ලෝක ආර්ථික පංගුවේ, ආසියාවෙන් පුළුල් වන ආර්ථික දායකත්වය සැලකිල්ලට ගෙන, මූල්‍ය අරමුදලේ නව ප්‍රතිසංස්කරණ වැඩසටහන අනුව යමින්,ආසියාව වෙනුවෙන් ඉඩ ප්‍රස්ථා පුළුල් කිරිමේ පියවර ගන්නා බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ,
Dominique Strauss-Kahn කොරියාවේදී මෙම අදහස් පළකරමින් අවධාරණය කළබව, එහි සිටින අප විශේෂ වාර්තාකරු පවසයි.
මේ අනුව,ආසියාතික වෘත්තියවේදීන් වැඩි වශයෙන් සේවය සඳහා බඳවා ගැනීමටත්,ආසියාව සමඟ වන සබඳතා තරකරමින් අරමුදලේ වැඩි ජන්ද බලයක් ආසියාතිකයින්ට ලබාදෙන බවත් කියා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ආසියා 21 සමුළුවට එක්වෙමින් පැවති මාධ්‍ය හමුවකදී මෙසේද කියා ඇත.
“ඇමෙරිකානු පුරවැසියන් මූල්‍ය අරමුදලේ කටයුතු වලට අඩු වෙන් සම්මාදම් කර ආසියාව ඇතුළු අනික් රටවලට වැඩිපුර ඉඩ ප්‍රස්ථා විවර කර ආසියාතික දැනුම හා අවබෝධය අරමුදලට වැඩිපුර ගෙන එන්න මම සෑම උත්සාහයක්ම ගන්නවා.”
“නොවැම්බරයේ සෝල් නුවර ඇරඹෙන මීළඟ ලෝක සංවර්ධිත රටවල G-20 සමුළුවේ නිර්දේශ පරිදි ආසියාවේ ජන්ද බලය වැඩි කිරීමටද සැලසුමක් තිබෙනවා.”
“දැනටමත් මගේ කළමනාකාර කණ්ඩායමේ සියයට 40 ක් ඉන්නේ ආසියාතිකයින්.ඒ අතරේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජපානයේ Naoyuki Shinohara හා විශේෂ උපදේශක චීනයේ Min Zhu ද වෙනවා.”
(ඉෂාර)
Comments
No Comments, be the first to Comment
Add new Comment