|
Tuesday, 13 July 2010 11:10 |
|
පසුගිය මැයිවල වාණිජ බැංකු විසින් පුද්ගලික අංශයට නිකුත් කළ ණය අප්‍රේල් මසට සාපේක්ෂව රුපියල් බිලියන 1,242.2 සිට රුපියල් බිලියන 1,249.9 දක්වා බිලියන 7.7 කින්, ඉහළ යද්දී රජයට ලබාදුන් ණය ඊට වඩා දෙගුණයකින් ඉහළ ගියබව නවතම රජයේ දත්ත පෙන්වා දේ.
මේ අනුව, රජය වාණිජ බැංකු මගින් ගත් ණය රුපියල් බිලියන 444.8 සිට රුපියල් බිලියන 463.3 දක්වා ඉහළ ගොස් ඇත.
වාණිජ බැංකු පුද්ගලික අංශයට ලබාදුන් ණය වලින් රුපියල් ණය ප්‍රමාණය රුපියල් බිලියන 1093.7 සිට රුපියල් බිලියන 1098.2 දක්වාද විදේශ මුදල් මත ණය රුපියල් බිලියන 148.4 සිට බිලියන 151.7 දක්වාද වැඩිව තිබේ.
මහ බැංකුවෙන් රජය වෙත ලබාදුන් ණය අප්‍රේල්වල වූ රුපියල් බිලියන 106.4 ට සාපේක්ෂව රුපියල් බිලියන 106.9 දක්වාද මැයි මාසයේ ඉහළ ගොස් තිබේ.
ගෙවුණු මැයි මාසයේ මහ බැංකුව ඩොලර් මිලියන 62.5 ක් විදේශ මුදල් වෙළෙඳ පොළින් ලබාගෙන ඇත.
රජය වාණිජ බැංකු වලින් ලබාගන්නා ණය ප්‍රමාණය වැඩිවීම පසුගිය වසර ගණනාව පුරාම මෙරට ආර්ථික වර්ධනයට පිළිලයක් වූ අතර මේ වසරේදී අයවැය හිඟය සියයට 08 ක් දක්වා අඩුකිරීමට තීන්දු කර තිබේ.
|
Comments
No Comments, be the first to Comment
Add new Comment